කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්..

කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්..

කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්..

කර්තෘ Staff writer

29 Sep, 2022 | 9:26 pm

COLOMBO (News 1st) – කොළඹ සහ මහනුවර අතර, විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් අනිද්දා(01) සිට ආරම්භ වේ.  

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පමණක් එම දුම්රිය ධාවනය වන බවයි.

මගී ඉල්ලුම සැළකිල්ලට ගනිමින්, මෙම දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති.

දුම්රිය සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 6.30ට ගමන් ආරම්භ කරන අතර, යළි පස්වරු 4.50ට මහනුවරින් ගමන් ආරම්භ කිරීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වෙන් කළ ආසන මගීන්ට පමණක් එම දුම්රියේ ගමන් කළ හැකි වේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]