මෙරට නියෝජිත පිරිසක් ලබස මස IMF සමුළුවට

IMF සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් ලබන 10 වැනි දා වොෂින්ටනයට

by Staff writer 28-09-2022 | 7:39 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට මෙරට නියෝජිත පිරිසක් සහභාගී කරවීමට තීරණය කර තිබේ.

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, තමන් ඇතුළු පිරිසක් සමුළුවට සහභාගි වන බවයි.

සමුළුව ලබන මස 10 වැනි දා සිට 16 වැනි දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, සමුළුවට මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද සහභාගි වන බවය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සම්බන්ධ වැඩසටහන් හේතුවෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.