පිළියන්දල නිවසකින් රු. කෝටියක රන් භාණ්ඩ සොරා ගනී

පිළියන්දල නිවසක කොල්ලයක්... කෝටියක රන් භාණ්ඩ සොරා ගනී

by Staff writer 28-09-2022 | 7:35 AM

COLOMBO (News 1st) - පිළියන්දල, මකුලුදූව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් විසින් නිවසේ අල්මාරියේ තිබූ පවුම් 66 කට අධික බරින් යුත් රන් භාණ්ඩ එලෙස සොරාගෙන ඇති බවයි.

ඊයේ දහවල් සොරකම සිදුව ඇති අතර ඒ වනවිට කිසිවෙකුත් නිවසේ සිට නොමැත.