කජීමාවත්තේ අවතැන් වූ ජනතාවට කඩිනම් සහන

කජීමාවත්තේ අවතැන් වූ ජනතාවට කඩිනම් සහන

by Staff writer 28-09-2022 | 9:40 AM

COLOMBO (News 1st) - මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඇති වූ ගින්නෙන් අවතැන් වූ පුද්ගලයින් 300 ක් සඳහා කඩිනමින් සහන සලසන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම පිරිසට නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීම සඳහා යෝජනාවක් අද (28) දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන බවය. 

මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඊයේ රාත්‍රි 7.30 ට පමණ ගිනනක් හට ගත්තේ ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුවේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි.