.webp)
COLOMBO (News 1st) – හෝකන්දර දකුණ ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අද අලුයම් කාලයේදි මියගිය පුද්ගලයාගේ පුත්‍රයා මෙම පහරදීම සිදුකර ඇති බවයි.
පහරදීමෙන් මියගිය සිය පියාගේ සිරුරට සැකකරු විසින් ගිනි තබා ඇති බව ද පොලිසිය පවසයි.
පොලිසිය පැසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ 50 හැවිරිදි ඔහුගේ මව ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පහරදීමෙන් මියගොස් ඇත්තේ 57 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.
සැකකාර පුත්‍රයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.