වන අලි ප්‍රහාරවලින් තිදෙනෙක් මරුට

අනුරාධපුරයේ වන අලි ප්‍රහාරවලින් තිදෙනෙක් මරුට

by Staff writer 28-09-2022 | 9:17 AM

COLOMBO (News 1st) - අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ස්ථාන දෙකකදී වන අලි පහරදීමෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මියගිය බවයි.

අනුරාධපුර, මොරගොඩ කළුඑබේ ප්‍රදේශයේදී ද වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

ඔහු 58 හැවිරිදි කළුඑබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ සවස ඔහු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

මේ අතර එප්පාවල ප්‍රදේශයේ එල්ල වූ වන අලි ප්‍රහාරවලින් 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේ මිය ගියේ ය.