අධිආරක්ෂිත කලාප ගැසට්:ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්

by Staff writer 28-09-2022 | 2:02 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති අධිආරක්ෂක කලාප ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජුබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසිනි.

මේ අතර ඇලන් මැතිණියාරාමාධිපති, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස්දෙනෙකු ගොනු කළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමෙන් මහජනයට පීඩාවක් වන බව සඳහන් කරමින් ඔවුන් මෙම නඩුව පවරා තිබුණි.

නඩුව ඔක්තෝබර් මස 31 වැනි දා යළි කැඳවීමට තීරණය කෙරුණි.