.webp)
ඒ, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජුබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසිනි.
මේ අතර ඇලන් මැතිණියාරාමාධිපති, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ඒ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස්දෙනෙකු ගොනු කළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමෙන් මහජනයට පීඩාවක් වන බව සඳහන් කරමින් ඔවුන් මෙම නඩුව පවරා තිබුණි.
නඩුව ඔක්තෝබර් මස 31 වැනි දා යළි කැඳවීමට තීරණය කෙරුණි.