මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 කට හානි

මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 කට හානි

මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 කට හානි

කර්තෘ Staff writer

28 Sep, 2022 | 7:17 am

COLOMBO (News 1st) – මෝදර, කජිමාවත්තේ ගින්නෙන් නිවාස 80 ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 7.30 ට පමණ හටගත් ගින්න කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාලනය කළ බවයි.

ගින්නට නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුවේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි.

මේ අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා පැවසුවේ, ගින්නෙන් නිවාස අහිමි වූ පිරිස මෝදර උයන ප්‍රජා ශාලාවේ හා විහාරස්ථානයක තාවකාලිකව රැඳවීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සලසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ඊයේ උපදෙස් දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]