විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි?

විදුලිය කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවෙනවා - මහජන උපයෝගිතා කොමිස⁣ම

by Staff writer 27-09-2022 | 9:41 AM

COLOMBO (News 1st) –  දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ. 

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.

මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ. 

ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.