.webp)
COLOMBO (News 1st) – දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්රය අක්රියවී තිබේ.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.
මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්ර තුනෙන් දෙවන ජනන යන්ත්රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.
ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්රයක් පමණයි.