බිත්තර මිල ගැන යළි සමාලෝචනයක්..

බිත්තර මිල ගැන යළි සමාලෝචනයක්..

by Staff writer 27-09-2022 | 6:23 AM

COLOMBO (News 1st) - බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට තීරණය කර ඇතැයි පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා ඒ අනුව හෙට (28) දිනයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ඊට අදාළව සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහිදී ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර පාලන මිලෙහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

බිත්තර නිෂ්පාදකයින් ඉදිරිපත් කර ඇති නිෂ්පාදන වියදම සාධාරණ ද යන්න එම සාකච්ඡාවේදී සලකා බැලෙන බව අමාත්‍යවරයා පැවසීය.