නොරොච්චෝලේ යළි සක්‍රිය කිරීමට දින 3 - 5 කාලයක් යයි

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 - 5 කාලයක් ගත වේවි - කංචන විජේසේකර

by Staff writer 27-09-2022 | 11:09 AM

COLOMBO (News 1st) - දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමට දින 3 - 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි උත්පාදනය සඳහා තාප විදුලි බලාගාර යොදා ගන්නා බව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.