.webp)
එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ, කාර්මික තාක්ෂණ ආයතනය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා එලෙස ලැබීමට නියමිත බවයි.
එම වාර්තා ලැබීමෙන් අනතුරුව ත්‍රිපෝෂවල ප්‍රමිතිය පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර නියමිත පිරිවිතරයන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා පැවසීය.
සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ, මින් ඉදිරියට ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගත් බඩ ඉරිඟු තොගයේ ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ද යොමු කරන බවයි.
මේ අතර ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය නිසි ප්‍රමාණයට ඉක්මවා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සීන් නමැති විෂකාරකය අඩංගු බවට තමන් ප්‍රකාශ කළේ, සියලු කරුණු වාර්තා පදනම් කරගනිමින් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා යළිත් අවධාරණය කළේ ය.