එප්පාවලදී වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

එප්පාවලදී වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

එප්පාවලදී වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

කර්තෘ Staff writer

27 Sep, 2022 | 7:29 am

COLOMBO (News 1st) – එප්පාවල ප්‍රදේශයේදී වන අලි ප්‍රහරවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, එප්පාවල කැලේගම හා රොටවැව යන ප්‍රදේශවලදි එලෙස වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

එක් පුද්ගලයෙකු දර කැඩීම සඳහා නිවස ආසන්න කැළයට ගොස් සිටිදීත් අනෙක් පුද්ගලයා සිය දියණියගේ නිවස වෙත යමින් සිටිදීත් වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]