විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි - වැඩබලන ආරක්ෂක අමාත්‍ය

by Staff writer 26-09-2022 | 11:00 AM

COLOMBO (News 1st) –  විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවයි. 

තව ද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ,  අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවයි.