රුසියාවේ පාසලක වෙඩි තැබීමක්...

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 13 දෙනෙක් මරුට... තවත් 20කට තුවාල

by Sagarika Chathumali 26-09-2022 | 2:14 PM

COLOMBO (News 1st) –  රුසියාවේ  ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්  20 දෙනෙකු  පමණ තුවාල ලබා තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,   සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන එම පාසලේ ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බවයි. 

වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.