.webp)
COLOMBO (News 1st) – තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිට රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ තඹුත්තේගම පොලීසියේ සැරයන් බුද්ධි කුමාර මහතාගේ මැදිහත් වීමෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 50 හැවිරිදි වියේ පසුවන්නන් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිසි සැරයන්වරයා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබූ ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.