ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 26-09-2022 | 7:03 AM

දේශීය පුවත් 

1.ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා.. –  ශ්‍රී ලාංකිකයින්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සහ මෙරට සංචාරයක නිරත රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහා වන අමෙරිකානු තානාපති සින්ඩි මකේන් අතර සාකච්ඡා පැවැත් වූ බව අමෙරිකානු තානාපති පවසයි. 

2.A/L සිසුන්ට ජනපති අරමුදලින් මසකට රු. 5,000ක ශිෂ්‍යාධාරයක්.. – අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මසකට රුපියල් 5,000ක ශිෂ්‍යාධාරයක් පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.  

3.මර්දනයට එරෙහිව විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 82කට ඇප.. –  සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්ඩංගුවට ගත් 82දෙනෙකු ඊයේ  ඇප මත මුදා හැර තිබේ.  

4.පෝෂණ ගැටලු හඳුනා ගන්න දීප ව්‍යාප්ත සමීක්ෂණයක් – පෝෂණ ගැටලු හඳුනා ගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

5.ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ‌ගෙන්වීම: විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට – ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. 

විදෙස් පුවත් 
1.උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලයි.. – උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ..


ක්‍රීඩා පුවත්

1.පිටියට සමුදුන් ටෙනිස් දැවැන්තයා..– ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් දිනා සිටින, සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග බිමට දුන්නේ ය.