අද (26) ත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්..

අද (26) ත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්..

by Staff writer 26-09-2022 | 7:05 AM

COLOMBO (News 1st) – පැය දෙකයි විනාඩි 20 ක් අද(26) දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 

ඒ, මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට යටත්වයි.

විදුලි බල මණ්ඩලය පැවසුවේ , A සිට W දක්වා කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බවයි.

මේ අතර, ලබන ඔක්තෝම්බර් 28 වැනිදාට පෙර ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට නොහැකිවූවහොත් පැය 10කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ . අද සිට ශ්‍රී ලංකා මහ බැංකුව සහා අනෙකුත් බැංකු ගල්අඟුරු ගෙන්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළ කර ඇති හෙයින් පැය 10කට අධික කාලයක විදුලිය කප්පාදුව වළක්වා ගතහැකි බවයි.