වෙළඳපොළේ තිරිඟු පිටි මිටියක මිල රු. 21,000ක්…

වෙළඳපොළේ තිරිඟු පිටි මිටියක මිල රු. 21,000ක්…

වෙළඳපොළේ තිරිඟු පිටි මිටියක මිල රු. 21,000ක්…

කර්තෘ Staff writer

26 Sep, 2022 | 7:14 am

COLOMBO (News 1st) – කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි.

මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]