නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට… ඇප මත මුදා හැරේ

නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට… ඇප මත මුදා හැරේ

නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට… ඇප මත මුදා හැරේ

කර්තෘ Sagarika Chathumali

26 Sep, 2022 | 12:52 pm

COLOMBO (News 1st ) – ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. 

අධිකරණය නියෝග කර ඇත්තේ, ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි.    

ඇය අධිකරණයේ පෙනී සිටියේ, සුකේෂ් චන්ද්‍රශේඛර් සම්බන්ධ රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවකට අදාළව විත්තිකාරියක ලෙසයි. 

මේ අතර සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී ජැකලින් නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන අධිකරණයට ඇතුළු වී ඇති බව  ඉන්දීය මාධ්‍ය  වාර්තා කළේ ය. 

සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.   
   
මීළඟ නඩු විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කල් තැබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]