ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

කර්තෘ Staff writer

26 Sep, 2022 | 7:04 am

COLOMBO (News 1st) – ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට නියමිත බවයි.

අනතුරුව වත්මන් ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම එරට මුදල් අමාත්‍යවරයා සමගද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත ය.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]