කිරිකැටියෙක් මුදලට විකුණූ පියා සොයා විමර්ශන

කිරිකැටියෙක් මුදලට විකුණූ පියා සොයා විමර්ශන

කර්තෘ Sagarika Chathumali

26 Sep, 2022 | 3:51 pm

COLOMBO (News 1st) –  දින 7 ක් වයසැති බිළිඳෙකු රුපියල් 50,000ක මුදලකට  කාන්තාවකට අලෙවි කළ පියෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

අප වාර්තාකරු පැවසුවේ,  දරුවා මිලදී ගත් කාන්තාව සහ අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ද ඊයේ සවස  අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්ත කාර්යංශය නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙනු ලැබූ බවයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රීවිල් රථ රියැදුරෙකි. 

දරුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී  බිළිඳා සමග  සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය. 

මෙලෙස තම බිළිඳා විකුණු පියා ගනුදෙනුවෙන් පසු ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත. 

නීත්‍යනුකූලව විවාහ නොවී අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල අඹු සැමියන් ලෙස නවාතැන් ගෙන සිටින මෙම යුවළේ පිරිමි පුද්ගලයා (පියා) මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, කාන්තාව (මව) කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි . 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]