A/L සිසුන්ට ජනපති අරමුදලින් රු. 5000ක ශිෂ්‍යාධාරයක

A/L සිසුන්ට ජනපති අරමුදලින් මසකට රු. 5,000ක ශිෂ්‍යාධාරයක්..

by Staff writer 25-09-2022 | 6:57 PM

COLOMBO (News 1st) – අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මසකට රුපියල් 5,000ක ශිෂ්‍යාධාරයක් පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 

ඒ අනුව, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට එම විභාගය සමත්වූ පිරිසට ඒ සඳහා අයැදුම් කළ හැකියි.

දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්ව ලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99 න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,970 දෙනෙකුට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනුමෙනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස. උසස් පෙළට පෙනී සිටින තෙක් මසකට 5,000ක බැගින් මාස 24ක උපරිම කාල සීමාවක් සඳහා එම මුදල ලබා දෙන බවය.