.webp)
COLOMBO (News 1st) - රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහාවන අමෙරිකානු තානාපති සින්ඩි මැකේන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද(25) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඇය අද (25) සිට ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවය.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආහාර ආධාර වැඩසටහන් ඉස්මතු කිරීම සහ දෙරටේ දීර්ඝ කාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, මැකේන් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණයි.
ඇය සිය සංචාරයේ දී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී, ජුලී චන්ග් මහත්මිය සමග මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ පහසුකම් ලබන පාර්ශ්ව සහ ප්‍රජා සංවිධාන වෙත ගොස් අදාළ ප්‍රතිලාභීන් සහ ක්‍රියාත්මක කරන්නන් හමුවීමට නියමිතය.