.webp)
COLOMBO (News 1st) – සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්ඩංගුවට ගත් 82දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ 79දෙනෙකු පොලිස් ඇප මතත්, තවත් 3 දෙනෙකු ශරීර ඇප මතත් මුදා හැරීමටයි.
සමාජවාදි ශිෂ්‍ය සංගමය ඊයේ(24) දින සංවිධානය කළ විරෝධතාවය අතරතුර 82 දෙනෙකු අත්අඩංගුවට ගැනිණින.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන්ගෙන් ඊයේ රාත්‍රියේත් ප්‍රකාශ සටහන් කර ගත් බවය.
අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් විය.