.webp)
COLOMBO (News 1st) - පෝෂණ ගැටලු හඳුනා ගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිදුවීම් පදනම් කරගනිමින් එම පියවර ගත් බවයි.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සමීක්ෂණයේ දත්ත පදනම් කරගනිමින් කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවය.