.webp)
COLOMBO (News 1st) - ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් දිනා සිටින, සුපිරි ටෙනිස් ක්රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග බිමට දුන්නේ ය.
ඒ, එංගලන්තයේ ලන්ඩන්හි පැවැති ලේවර් කුසලාන තරගාවලියට එක් වෙමිනි.
වසර ගණනක් ටෙනිස් පිටිය වර්ණවත් කර තරග බිමට සමුදුන් ෆෙඩරර්ට උපහාර දැක්වීමට සර්බියාවේ නොවැක් ජොකොවිච්, ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඇතුළු සුපිරි ටෙනිස් ක්රීඩකයින් රැසක් පැමිණ සිටියේ ය.