.webp)
COLOMBO (News 1st) - දහම් පාසල් විෂය නිර්දේශය සංශෝධනය කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, දහමට අනුව හික්මවූ මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා එලෙස දහම් පාසල් විෂය නිර්දේශය වෙනස් කරන බවයි.
ආගමික ඉගැන්වීම් ප්‍රායෝගිකව පිළිපදින පුරවැසියෙකු නිර්මාණය කිරීමට ඉන් හැකියාව ලැබෙන බව ද විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ ය.
දැනට දහම් පාසල්වල පවතින්නේ වසර ගණනාවක් පැරණි විෂය නිර්දේශයකි.
විෂය නිර්දේශය සංශෝධනය කිරීමට මේ වනවිට කමිටුවක් පත්කර ඇති අතර එහි ප්‍රධානත්වය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දරනු ලැබේ.