.webp)
COLOMBO (News 1st) - උතුරු කොරියාව, තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.
දකුණු කොරියාව පවසන්නේ සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට උතුරු කොරියාව අදාළ මිසයිලය දියත් කර ඇති බවය.
ඒකාබද්ධ යුධ අභ්‍යසයක් සඳහා අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා රැගත් නෞකාවක් දකුණු කොරියාවට සේන්දු වී ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයකි.
තවදුරටත් එවැනි අත්හදා බැලීම් සිදුවිය හැකි බව, ජපාන ආරක්ෂක අංශ ද ප්‍රකාශ කර තිබේ.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි රාජ්‍යයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.