ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා..

ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා..

ජනපති සහ සින්ඩි මකේන් අතර සාකච්ඡා..

කර්තෘ Staff writer

25 Sep, 2022 | 10:25 pm

COLOMBO (News 1st) –  ශ්‍රී ලාංකිකයින්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සහ මෙරට සංචාරයක නිරත රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සඳහා වන අමෙරිකානු තානාපති සින්ඩි මකේන් අතර සාකච්ඡා පැවැත් වූ බව අමෙරිකානු තානාපති පවසයි. 

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන අමෙරිකානු තානාපති සින්ඩි මකේන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (25)දිවයිනට පැමිණියේ ය. 

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඇය අද සිට ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි. 

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආහාර ආධාර වැඩසටහන්, අවධාරණය කිරීම සහ දෙරටේ දීර්ඝකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, මකේන් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වේ
 
ඇය සිය සංචාරයේදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සමග මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ පහසුකම් ලබන පාර්ශ්ව සහ ප්‍රජා සංවිධාන වෙත ගොස් අදාළ ප්‍රතිලාභීන් සහ ක්‍රියාත්මක කරන්නන් හමුවීමට නියමිතය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]