ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල පහළට

මාස 8කට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

by Staff writer 24-09-2022 | 8:24 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී තිබේ.

ඒ, මාස 8 කට පසුවයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල 5.7% කින් පමණ පහළ ගොස් බැරලයක්, ඩොලර් 78.74 ක් ලෙස සටහන් වූ බවයි.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් 4% කින් පහළ ගොස් බැරලයක මිල සටහන් වුණේ, ඩොලර් 86යි සත 15ක් ලෙසය.

පසුගිය මාස 12 ක කාලය තුළ තෙල් මිල ඉහළ යමින් තිබූ අතර පසුගිය පෙබරවාරි මාසයේ රුසියාව, යුක්‍රේන ආක්‍රමණය සිදු කිරීමත් සමග එය තවත් වේගවත් විය.