බිබිල නාගල වැවේ ගිලි පුද්ගලයෙක් මරුට

බිබිල නාගල වැවේ ගිලි පුද්ගලයෙක් මරුට

by Staff writer 24-09-2022 | 5:00 PM

COLOMBO (News 1st) - බිබිල, නාගල විහාරස්ථානය අසළ වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, වැවේ මල් කැඩීමට ගිය අවස්ථාවේදී ඔහු දියේ ගිලී මියගොස් ඇති බවයි.

62 හැවිරිදි මහියංගණය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට මහියංගණය රෝහලේ තැන්පත් කර ඇත. 

මේ අතර පයාගල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. 

අතුරුදන් වූ 18 හැවිරිදි තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

පයාගල ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගි වීම සඳහා තවත් පිරිසක් සමග පැමිණි අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණ පා තිබේ.