සර්ව පාක්ෂික අරගලකරුවන්ගෙන් නිවේදනයක්

ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අමනෝඥා ක්‍රියා නවතා දමන්න - සර්ව පාක්ෂික අරගලකරුවන්

by Staff writer 24-09-2022 | 7:35 PM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳ අධිකාරියක් ඇති කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමක් බව සර්වපාක්ෂික අරගලකරුවන් අද (24) නිවේදනය කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙය පුරවැසියන්ට ලබා දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කරන ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමේ ළඳරු උත්සාහයක් බවය.

වික්‍රමසිංහ ආණ්ඩුව මේ ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයකට නම් ඊට එරෙහි වීම සමස්ත සමාජයේම කාර්යක් බව ද ඔවුන් පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අමනෝඥා ක්‍රියා නවතා දමන ලෙස රජයට බල කරන බව සර්ව පාර්ශික අරගලකරුවන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.