ඉබෝලා වසංගතයෙන් උගන්ඩාවේ 04ක් මරුට..

ඉබෝලා වසංගතයෙන් උගන්ඩාවේ 04ක් මරුට..

by Staff writer 24-09-2022 | 12:45 PM

COLOMBO (News 1st) –  ඉබෝලා ආසාදනයෙන් උගන්ඩාවේ පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ එරටින් වාර්තා වී ඇති බවයි.

එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් ය.

කෙසේ වෙතත් එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

2018 සහ 2020 අතර කාලයේ එරට අසල්වැසි කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉබෝලා හේතුවෙන් මිය ගියේ ය.