.webp)
අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා පිළිබදව ශෝකය පළ කිරීමේ විවාදයට එක්වෙමින් මායාදුන්නේ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම චෝදනා කළේ, පොලීසිය හා හමුදාව නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා මැයි 9 වැනි දා සිදුවීම් ඇති වූ බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
මොන තරම් තුච්ච විදිහට ඒ මන්ත්‍රීවරයා ඝාතනය කළේ කියන එක සමාජ මාධ්‍ය තුළ අපි දැක්කා. සාමාන්‍යයෙන් සතෙක්වත් තිරිසනෙක්වත් ඝාතනය කරන්නේ නැති ආකාරයට තමයි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාව ඝාතනය කළේ. අපි කියන්නේ නැහැ ගෝල්ෆේස් එකට ගිහිල්ලා ගහපු එක හරි කියලා කොහොම අවස්ථාවකවත්. මැයි මාසේ 9 වෙනිදා මේ ගෙවල් ටික ගිනි තියන්න, බස් ටික ගිනි තියන්න පුද්ගලයන් ඝාතනය කරන්න, මරන්න ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් සංවිධානය වුණා. මේ සිදුවීම්වලට මේ රටේ ත්‍රිවිධ හමුදාවත් වග කියන්න ඕන. 9 වෙනිදා සිද්ධිය පාලනය කළේ නැහැ. ඒකට පොලිස්පතිවරයා, හමුදාපතිවරයා ඇතුළු ඒ සියලු දෙනා වගකියන්න ඕන. ඒ අය තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කළේ නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, ජයරත්න හේරත් මහතා,
පොලීසිය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලීසිය ඔවුන්ගේ වගකීම හරියාකාරව ඉෂ්ට කෙරුවද කියලා අපි දැන් පසුවිපරමක් කරන්න වෙනවා. ඒ වගේම හැට නව ලක්ෂයක් ඡන්දෙ දීලා මේ රටේ බලයට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් වගකීමක් තියෙනවා, මේ රටේ නීතිය හා සාමය සුරක්ෂිත කරන්න. මේ සියල්ල හරියාකාරව කෙරුණ ද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා,
නීතිය උල්ලංඝණය කරපු උදවිය පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරපු වෙලාවල්වලදී සමහර නීතිඥවරුන් හැසිරෙච්චි ආකාරය ගැන අපි කනගාටු වෙනවා. නීතිඥ වෘත්තීය සම්පූර්ණයෙන් බිම දාලා පාගපු අවස්ථාවන් අපිට දැනගන්නට ලැබුණා උසාවිය නීතිඥවරු විසින්ම. විනිශ්චයකාරවරු බය වුණා. ඇයි නීතිඥවරු 50, 60 එක මනුස්සයා වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ නීතිඥවරයා දන්නේ නෑ. මොකද්ද මොහුට තිබෙන චෝදනාව. ඒ නීතිඥවරයා දන්නේ නැහැ මොහු වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු කියලා. ඇයි ඔහුව ඒවාට සවන් දීලා නෙමෙයි, පේලියට ඇවිල්ලා අර පෙරහැරේ යන්න වගේ ඇවිල්ලා පෙනී ඉඳලා ඊට පස්සේ ඒ අයට ඇප ඉල්ලුවාම නීතිඥවරුත් බය වෙනවා. මොකද මගේ ගෙටත් ගිනි තියයි කියලා. ඉතින් ඇප දෙනවා. එහෙම ඇප දුන්නාම මොකද කරන්නේ නීතිඥවරු අත්පුඩි ගහනවා. උසාවියේ අත්පුඩි ගහනවා. ගොඩනැගිල්ලෙන් එළියට ගියාම උසාවිය බිම තුළදීම මල් මාලා දලා පිළි ගන්නවා. ඒවාටත් නීතිඥවරු සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට නීතිඥ වෘත්තිය ම විශාල විදිහට පහත් තත්ත්වයකට ඇද දැම්මා මේ කාලය තුළදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම අමල් චින්තක මායාදුන්න මහතා,
පාස්කු ඉරිදා සිද්ධියත් එක්ක ගත්තහම හිටපු පොලිස්පතිව අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ගෙනාවා නම් මේ පොලිස්පතිතුමාවත් අනිවාර්යෙන්ම නීතියේ රැහැනට ගේන්න ඕනි. මොකද හේතුව අමානුෂික විදිහට මනුස්සයෝ මරනකොට, ගෙවල් ගිනි තැබීම් කරනකොට, මංකොල්ලකෑම් කනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හැටියට එතුමා අහක බලන් හිටියා. දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අණ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකීම විශේෂයෙන් පොලිස්පතිවරයා එය දරන්න ඕන. ඒ වගේම යුද හමුදාපතිවරයා දරන්න ඕන. හිටපු යුධ හමුදාපතිවරයා. හොඳ වේලාවට පාර්ලිමේන්තු ක්වාටස්වල හිටියේ යුද හමුදාපතිතුමාගේ නැන්දම්මා. නැන්දම්මා හිටියේ නැත්නම් පාර්ලිමේන්තු ක්වාටස් වලටත් ගහලා. එතෙන්ට ආරක්ෂාව දාලා එතුමාට ආරක්ෂාව කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා මම කියනවා මේ වගකීම්වලින් බැහැර වෙන්න බැහැ. මේ වෙනකොටත් ඔය පොලිස්පතිතුමාගේ ඔය පොලිස් පත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොටත්. ඔහුගේ උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තව නොබෝ කාලයකින් මම මේ ගරු පාර්ලිමේන්තුවටත් එතුමාගේ ඔය පත්වීම පිළිබඳවත් මම කතා කරනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ සාමය ආරක්ෂා කරන ඉහළම නිලධාරීන් ඉහළම පුරුක පොලිස්පති නම් ඒ වගකීම ඉෂ්ට කරාද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ගෙන්න කියන කාරණාව මතක් කරමින් අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඒ අවසානය වෙනුවෙන් එතුමාගේ අභාවය වෙනුවෙන් එතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා,
මේකේ මහමොළකරු තාමත් හැංගිලා ඉන්නවා. අපේ ආරක්ෂක අංශවලට මේක හොයන්න බැරි වුණා. මේ ආරක්ෂක අංශවල දුර්වලතාවය හින්දා තමයි අමරකීර්ති අතුකෝරල මැතිතුමා අපට අහිමි වුණේ. මහජනතාවගේ වැටුප් ලබන මහජනතාවට සේවය කරනවා කියලා දිවුරුම් දීලා ඒත් වගකීම් භාර ගත්ත උදවිය ඒ වගකීම හරියට ඉටු කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පිළිබඳව හොයන්න කමිටුවක් පත් කළා. කමිටුව දුන්නා තීන්දුවක් මේ රටේ ආරක්ෂක අංශ ස්වකීය වගකීම හරියට ඉටු කළේ නැහැ කියලා. එහෙම කමිටුවක් දීලා තියෙද්දි තාමත් මේ වෙනුවෙන් වගකිවයුතු නිලධාරීන් ඒ පුටුව ඒ විදිහටම ඉන්නවා. මේක බරපතළ ප්‍රශ්නයක්. හරි නම් කවුරුවත් අස් කරන්න ඉස්සෙල්ලා මේගොල්ලො ඉල්ලා අස් වෙන්න ඕන