.webp)
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයක් නොසලකා හැරීමෙන් අධිකරණයට කරන ලද අපහාසය පිළිබඳ කරුණු විමසීමටයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට පසුගිය මැයි 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.
එම නියෝගය අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර නොමැති බව පෙන්වා දෙමින් නීතිඥ විරාන් කොරයා මහතා කළ කරුණු සලකා බැලු ප්‍රියන්ත ජයවර්ධ, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.
පොලිස්පති චන්දන වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්. වීරසිංහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.එස් මෙන්ඩිස් හා සහකාර පොලිස් අධිකාරි ශාන්ත කුමාර යන නිලධාරීන් 5 දෙනාට එලෙස නොතිසි නිකුත් කෙරිණි.