ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ

සජබ, ජාතික ජන බලවේගය සහ ඩලස්ගේ කණ්ඩායමේ කිසිවෙක් ජාතික සභාවට නම් කර නැහැ

by Staff writer 23-09-2022 | 1:52 PM

COLOMBO (News 1st) – ජනතා අරගලයෙන් මතුවූ ප්‍රධාන ඉල්ලීමක් වූ සර්ව පාක්ෂික ආණ්ඩු පාලනයක් පිළිබඳ අදහසට අදාළව පිහිට වූ ජාතික සභාවට නියෝජිතයින් පත්කර තිබේ. 

කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ කිසිවෙකු මෙම සභාවට නම් කර නොමැත. 

මෙම සභාව පිහිටුවීමට අදාළ යෝජනාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 

කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පොදු ප්‍රමුඛතා නියම කිරීම, ආර්ථික ස්ථායිකරණයට අදාළ  කෙටි සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම සහ අමාත්‍යවරුන්, විශේෂ කාරක සභාවල සභාපතිවරුන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයින් සහභාගිවන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීම මේ සභාවට පැවරී ඇති වගකීම් වේ.

දැනට ක්‍රියාත්මක කාරක සභාවලින් වාර්තා කැඳවීමේ හැකියාව ද එය සතුයි.