නාවික හමුදාව කිලෝ 150 කට වැඩි කේරල ගංජා අල්ලයි

නාවික හමුදාව කිලෝ 150 කට වැඩි කේරල ගංජා අල්ලයි

නාවික හමුදාව කිලෝ 150 කට වැඩි කේරල ගංජා අල්ලයි

කර්තෘ Staff writer

23 Sep, 2022 | 4:45 pm

COLOMBO (News 1st) – කේරල ගංජා කිලෝග්‍රෑම්155 කට අධික තොගයක් සමග සැකකරුවන් 2 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නොරොච්චෝලේ, ඉලන්තඩිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි.

නාවික හමුදාව පැවසුවේ, එම කේරල ගංජා තොගයේ වටිනාකම රු. මිලියන 46 කට අධික බවයි.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

එම කේරල ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]