English
தமிழ்
කර්තෘ Staff writer
23 Sep, 2022 | 7:53 pm
අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ, නීතිමය ක්‍රියාවළියක් ආරම්භවීමත්, මුදල් ගෙවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි වගකීමේ සහතිකයක් නොලැබීමත් නිසා ටෙන්ඩරය ක්‍රියාත්මක කළ නොහැකිබව තෝරාගත් සැපයුම්කරු දැනුම්දී ඇති බවයි.
ගල් අඟුරු තොග සඳහා සඳුදා මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඔක්තෝම්බර් 25 වන දා සිට රටේ විදුලිය කප්පාදුව පැය 10 කට පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි පාර්ශව කිහිපයක් ඊයේ ප්‍රකාශ කළේ ය.
ප්‍රශ්නය උද්ගත වූයේ ගල් අඟුරු මිලදී ගැනීමේ දිගුකාලීන ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයකි.
ප්‍රශ්නය ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් පසුව ටෙන්ඩරය අත්හිටුවා ලබන සතියේ නව ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමට තීරණය කර තිබේ.
කංචන විජේසේකර අමත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, එතෙක් දැනට ගල් අඟුරු සපයන සමාගම විසින් සැපයීමට ඇති නැව් 19 ට අත්තිකාරම් ගෙවා ලබා ගැනීමට තීරණය කළ බවයි.
විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවන්නේ නියමිත කාලසීමාවේ ගල් අඟුරු නොලැබුනොත් විදුලිය කපන කාලය දීර්ඝ කිරීමට සිදුවන බවයි.
මේ අතර අදත් පැය 2 යි විනාඩි 20 ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලය පැවසුවේ, A සිට L දක්වාත්, P සිට W දක්වාත් කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බවයි.
23 Sep, 2023 | 09:29 PM
23 Sep, 2023 | 01:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS