කතරගම ප්‍රදේශීය සභාව විසුරුවා හරී

කතරගම ප්‍රදේශීය සභාව විසුරුවා හරී

by Staff writer 23-09-2022 | 3:13 PM

COLOMBO (News 1st) - කතරගම ප්‍රදේශීය සභාව ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබේ.

ඒ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

කතරගම ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට හා කාර්යය ඉටු කිරීමට මොනරාගල සහකාර පළාත් පලාන කොමසාරිස්වරයාට ගැසට් නිවේදනය මගින් බලය ලබා දී තිබේ. 

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එහි මන්ත්‍රීවරුන් විවිධ වංචා හා දුෂණ චෝදනාවලට සම්බන්ධ බව සිදු කළ විමර්ශනයකදී කරුණු හෙළිවීම නිසා කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරී බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා නිව්ස්ෆස්ට් කළ විමසුමකදී සඳහන් කළේ ය.