IMF ගිවිසුම තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ.

IMF ගිවිසුම තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ.. ජනපති කතානායකට කියයි

by Staff writer 22-09-2022 | 12:41 PM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් මාණ්ඩලික මට්ටමේ ගිවිසුම පිළිබඳව තවමත් කැබිනට් මණ්ඩලය දැන්වත් කර නොමැති බව ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී තිබේ. 

අද  (22) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ය. 

කාතානායකවරයා පැවසුවේ, නිලධාරී මට්ටමේ සාකච්ඡා සිදුවෙන බව පැවසුව ද ඊට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවත් ඊට පෙර ණය දෙන අනෙක් රටවල් සමග සාකච්ඡා කර එම රටවල්වල් ලබා දෙන වාර්තාව ද ඊට  එකතු කළ යුතුව ඇති බවයි. 

''අධ්‍යක්ෂ මණ්ඩලය තාම අවසන් අනුමැතිය දීලත් නැහැ. සංශෝධනය කරන්න තවත් දේවල් තියෙනවා. ඒක නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන තුරු ඉන්න''