ජනපති රනිල් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ..

ජනපති රනිල් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ..

by Sagarika Chathumali 22-09-2022 | 4:14 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු  ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කරන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ,   අද (22) පෙරවරුවේ  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී  පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්වූ අවස්ථාවේදී ය. 

නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් පොත් ප්‍රකාශකින්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති බවත් එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයින් සහ ලේඛකයින්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක ද  නිරත වූ බවයි.