මැයි09:පොලිස් ට්‍රක් රථයකට හානි කළ අයෙකු කොටු..

මැයි 09 වැනිදා පොලිස් ට්‍රක් රථයකට හා පෞද්. බස් රථයකට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට..

by Staff writer 21-09-2022 | 5:39 PM

COLOMBO (News 1st) – පසුගිය මැයි 09 වැනි දින යක්කල නගරයේදි පොලිස් ට්‍රක් රථයකට පහරදී අනර්ථයක් සිදුකිරීම හා පුද්ගලික බස් රථයකට හා කැබ් රථයකට පහර දී අලාභානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 41 හැවිරිදි මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු ඊයේ(20) දිනයේ යක්කල පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.