පැය2 විදුලි කප්පාදුවට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පැය 2 විදුලි කප්පාදුවකට ලංවිම කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 21-09-2022 | 9:56 PM

COLOMBO (News 1st) – හෙට(22) සිට විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 දක්වා දීර්ඝ කිරීමට ලංවිම කළ ඉල්ලීම අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ඒ අනුව අනුමැතිය හිමිව ඇත්තේ දැනට පවතින පැය 1 සහ මිනිත්තු  20ක විදුලි කප්පාදුවට පමණක් බව  මහජන උපයෝගිතා කොමිසම පවසයි.