.webp)
COLOMBO (News 1st) – දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අනතුරුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරතව ඇති බවයි.
නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කර තිබේ.