English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
21 Sep, 2022 | 11:56 am
COLOMBO (News 1st) – මෙවර ආසියානු ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුද හමුදාවේ මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලය දක්වා උසස් කර තිබේ.
යුද හමුදාව නිවේදනය කළේ, මීට අමතරව මෙරව ආසියානු දැල්පන්දු ශූරතාව ජය ගත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ යුද හමුදා සාමාජිකාවන්ටද උසස්වීම් ලබාදුන් බවයි.
ඒ අනුව, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදී ඇත.
ඊයේ (20) එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාධිපති කාර්යාලයට කැඳවා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා ලබාදී සුබපැතුම් ද පිරිනමා තිබේ.
මෙම අවස්ථාවට සහභාගී වූ මෙවර ආසියානු කායවර්ධන ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනාගත් යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ වෙත ද මෙහිදී මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කර ඇත.
මෙම අවස්ථාව සඳහා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිට ඇත.
03 Dec, 2023 | 11:14 AM
03 Dec, 2023 | 08:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS