වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරන්න හැදු 2ක් කොටු

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 20-09-2022 | 9:30 AM

COLOMBO (News 1st) - කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට  තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවලට අනුව කොලොන්නාව ප්‍රදේශයේ සැඟවී සිටියදී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 945 ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

වෙඩි තැබීම සඳහා ඔහු භාවිත කළ රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය හා ජීව උණ්ඩ 2 ක් ද සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 720 ක් සිය භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හැවිරිදි වියේ පසුවන කෙසෙල්වත්ත හා ගුණසිංහපුර පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 9 වැනි දා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩි තැබීම සිදුව තිබුණි.