.webp)
ඒ, ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පිහිටි රැජිණගේ පියා වූ 06 වන ජෝර්ජ් රජුගේ අනුස්මරණ සුසානයේය.
එඩින්බරෝ ආදිපාදවරයා වන රැජිණගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය මිහිදන් කර ඇති සමීපයේ මෙරට වේලාවෙන් ඊයේ (19)මධ්‍යම රාත්‍රී 12.00 ට රැජිණගේ දේහය තැන්පත් කෙරුණි.
ඊට පෙර ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රැජිණ වෙනුවෙන් වූ අවසන් දේව මෙහෙය පැවැත්වුණේ, රාජකීය පවුලේ සාමාජිකයින්ගේ සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ය.
රාජ්‍ය නායකයින්ට සහ සාමාන්‍ය ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා රැජිණගේ දේහය වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ අතර ආගමික වතාවත් සඳහා දේහය වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයට රැගෙන ආවා ය.
දේව මෙහෙයකින් පසු දේහය වෙලින්ටන් ආරුක්කුව දක්වා රාජකීය ගෞරව සහිත පා ගමනකින් රැගෙන ආ අතර පසුව වින්ඩ්සර් මාළිගයට රැගෙන ආ දේහය අවසන් වශයෙන් රැගෙන ආවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයටයි.
ඒ මොහොත දක්වා එළිසබෙත් රැජිණට අවසන් ගෞරව සහ ආචාරය පිරිනැමීමට දහස් සංඛ්‍යාත ජනතාවක් මඟ දෙපස රැඳී සිටියහ.